Sri Lankan Spice Expo – 2026 ප්‍රදර්ශනය හා වැඩමුළුව අද මහනුවරදී

www.sfmnewslk.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ “Sri Lankan Spice Expo – 2026” කුළුබඩු ප්‍රදර්ශනය සහ වැඩමුළුව අද (16) පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා මහනුවර සහස් උයනේදී පැවැත්වේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් විය.

ශ්‍රී ලාංකීය කුළුබඩු නාමය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වී ඇත.

ප්‍රදර්ශනයේ විශේෂතා:

1.කුළුබඩු ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප‍්‍රදර්ශනය කිරීම.

2.නිෂ්පාදනය හා අලෙවිකරණ ගැටලු නිරාකරණයට මග පෙන්වීම සහ නව තාක්ෂණික දැනුම ලබා දීම.

3.සාර්ථක ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරික අත්දැකීම් බෙදාහද‍ා ගැනීම.

4.ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන පරිදි කුළුබඩු නිෂ්පාදනවල ප්‍රමිතිය උසස් කිරීම පිළිබඳ දැනුවත් කිරීම.

5.නව කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන සකස් කරන ආකාරය සජීවීව නැරඹීම, රස බැලීම සහ මිලදී ගැනීමේ පහසුකම්.

මධ්‍යම පළාත කේන්ද්‍රකරගනිමින් ප්‍රථම වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඉදිරියේදී දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත අතර, කුළුබඩු කර්මාන්තයට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇත.

මෙම අවස්ථාවට මහනුවර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල් දමයන්ති සමරසිංහ මැතිණිය සහ මහනුවර දේශපාලන අධිකාරිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

වීඩියෝ සබැඳිය

https://drive.google.com/drive/folders/1FgV3xSR4sbkomhBma59TC83gykoMozrj

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *