කුඩාගමදී පෞද්ගලික බසයක මෝටර් රථයක් ගැටී කාන්තාවකට තුවාල
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම සුසාන භූමිය ආසන්නයේ බස් නැවතුම්පොළ අසලදී පෞද්ගලික බස් රථයක මෝටර් රථයක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක තුවාල ලබා තිබේ.
අද (23) පස්වරු 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය කුඩාගම බස් නැවතුම්පොළේ නතර කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි මෝටර් රථය එහි ගැටී ඇත.
මෝටර් රථයේ රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී තිබේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක තුවාල ලබා ඇති අතර, අනතුර හේතුවෙන් බස් රථයේ ගමන් ගත් මගීන් වෙනත් බස් රථයකින් සිය ගමනාන්ත බලා පිටත්ව ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

