නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනෙකුට හදිසි ස්ථාන මාරුවීම්!
www.bbcmirror.lk
www.Lankawebnews.lk
නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි නව ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම තීරණය අනුව කළුතර දිස්ත්‍රික්කයේ සේවය කළ නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කය වෙත මාරුකර යවා ඇති අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයට මාරුකර තිබේ.
එසේම යාපනය දිස්ත්‍රික්කයේ රාජකාරි කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කය වෙත මාරුකර යැවීමටද කටයුතු කර ඇත.
මේ අතර, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධන කොට්ඨාශය වෙතත්, එම කොට්ඨාශයේ සේවය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙතත් මාරුකර යවා තිබේ.
මෙම ස්ථාන මාරුවීම් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පරිපාලන මට්ටමේ සිදුකර ඇති වෙනස්කම් අතරට එක්වන බව වාර්තා වේ.

