කාර්තිගෛ දීපයෙන් වතුකරයේ කෝවිල් ආලෝකමත් වෙයි – සොක්කප්පනෛ චාරිත්‍රයත් උත්කර්ෂවත් අයුරින්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
කාර්තිගෛ දීප උත්සවයේ ආගමික අසිරියෙන් වතුකරයේ හින්දු කෝවිල් රැසක් ඊයේ (24) රාත්‍රියේ ආලෝකමත් වූ අතර, විශේෂ අභිෂේක පූජා, ආගමික වතාවත් සහ සාම්ප්‍රදායික ගිනි මැලය දැල්වීමේ චාරිත්‍ර ඇතුළු උත්සව රැසක් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ හින්දු ආගමික සිද්ධස්ථානයක් වන හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් කෝවිලේදී ද කාර්තිගෛ දීප උත්සවය වෙනුවෙන් විශේෂ අභිෂේක පූජා සහ ආගමික වතාවත් සංවිධානය කර තිබිණි.
හින්දු ආගමික විශ්වාසයන්ට අනුව කාර්තිගෛ මාසය ආධ්‍යාත්මික වශයෙන් සුවිශේෂී මාසයක් වන අතර, පහන් දල්වා දෙවියන් වන්දනා කිරීම, දානමය කටයුතුවල නිරත වීම සහ ආගමික වතාවත්වලට සහභාගි වීම මෙම කාලසීමාවේදී විශේෂ වැදගත්කමක් ගනී.
මෙම උත්සවයේ කැපී පෙනෙන අංගයක් වන ‘සොක්කප්පනෛ’ ගිනි මැලය දැල්වීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය ද හැටන් ශ්‍රී මාණික්කපිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. ශිව දෙවියන්ගේ ජෝති ස්වරූපය සිහිපත් කරමින් සිදුකරන මෙම චාරිත්‍රය තුළින් අයහපත දුරුවී ලොවට යහපත උදාවේවායි බැතිමත්හු ප්‍රාර්ථනා කරති.
ආගමික උත්සවයට විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර, ලෝකවාසී සියලු ජනතාවට නිදුක් නිරෝගී සුවය, සාමය සහ සතුට උදාවේවායි ප්‍රාර්ථනා කරමින් ඔවුහු ආගමික වතාවත්වල නිරත වූහ.
https://we.tl/t-Nj2eqaOFDN2Bpd4r

