ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටින් පිටවීම ගැන පවුලෙන් පැහැදිලි කිරීමක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID)
වෙත කැඳවීමක් තිබියදී රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් පළව ඇති එම වාර්තා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් එම පවුලේ සාමාජිකයා මේ බව සඳහන් කර ඇත.
ඔහු පවසා ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවය.
එමෙන්ම, FCID වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවද එම සාමාජිකයා සඳහන් කර තිබේ.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, අද (16) අලුයම 12.50ට ගුවන් යානය පිටත්වීමට නියමිතව තිබියදී ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් අදාළ කැඳවීමේ ලිපිය ඇයට භාරදී ඇති බවයි.

