හිටපු මැති ඇමතිවරුන්ගේ ඥාතීන්ට ඉගෙනගන්නත් ජනාධිපති අරමුදලෙන් සල්ලි දීලා BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හිටපු මැති ඇමතිවරුන්ගේ දරුවන්, ඥාතීන්ට විදෙස් සරසවිවල ඉගෙනගන්නත් ජනාධිපති අරමුදලෙන් සල්ලි දීලා
ජනාධිපති අරමුදලින් විදේශීය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා හිටපු මැති ඇමතිවරුන්ගේ දරුවන්ට, ඥාතීන්ට සහ හිතවතුන්ට මුදල් ලබා දී ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

ඒ අනුව, එලෙස මුදල් ලබාගත් මැති ඇමතිවරුන්ගේ නම් කිහිපයක්ද අමාත්‍ය අනුර කරුණාතිලක විසින් අද (අගෝස්තු 05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

2005 වසරේදී සරත්චන්ද්‍ර රාජකරුණාගේ පුත්‍රයා වන හර්ෂණ සුපුන් රාජකරුණා, 2006 වසරේදී කරුණාසේන කොඩිතුවක්කුගේ නමින් I.N. කොඩිතුවක්කු, 2006 වසරේදී ඩී. රාධක්‍රිෂ්ණා නමින් කේ. රාධක්‍රිෂ්ණා විදේශ අධ්‍යාපන ශිෂ්‍යත්ව ජනාධිපති අරමුදලෙන් ලබා දී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙලෙස ලබාගත් ශිෂ්‍යත්ව මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමෙන් පසු ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය අනුර කරුණාතිලක වැඩිදුරටත් ප්‍රකාශ කළේ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *