රනිල්ගේ ලේකම් අද CIDයට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඒ,හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ මුදල් යොදාගෙන සිදුකල පෞද්ගලික සංචාරයක් පිළිබඳව සිදුකරන විමර්ශනයට අදාළවයි.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල මෙම සංචාරය සිදුකර තිබෙනවා.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා සමග 10 දෙනෙකු මෙම සංචාරයට සහභාගිවී තිබ්බෙනවා.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හයකට අධික කාලයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණා.

