ළමාවියට නව විෂය මාලාවක්.! BBCMirror.lk sfmnewslk.com

 

දරුවන්ට ප්‍රමිතිගත පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂය මාලාවක් ක්‍රියාවට නංවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය (21) වෙනිදා සඳහන් කළාය.

ඒ අනුව 2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂය මාලාවක් ක්‍රියාවට නංවන බවත් මේ සඳහා වන ගුරු පුහුණු කිරීමේ වැඩසටහන ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඉයේ පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති මෙම වැඩසටහනට යුනිසෙෆ් ආයතනයේ මෙරට නියෝජිතයින් පිරිසක්ද එක්වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *