පොලිස් වාර්තාවක් ලබා ගැනීම සඳහා අදාළ අයදුම්කරුගේ පදිංචිය තහවුරු කර ගැනීමට අවශ්‍ය වන ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව ග්‍රාම නිලධාරී වසමේ සිවිල් ආරක්ෂක කමිටු ( මහජන ආරක්ෂණ කමිටු ) සභාපතිවරයා විසින් නිකුත් කල චරිත සහතිකයක් ලබාගත යුතු බව සඳහන් පුවතක් මාධ්‍ය මඟින් ප්‍රචාරය වන බව නිරික්ෂණය වී ඇත.
පොලිස් වාර්තාවක් ලබාගැනීම සඳහා අයදුම් කිරීමේදී එලෙස මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයා විසින් නිකුත් කරනු ලබන චරිත සහතිකයක් අවශ්‍ය නොවන බැවින් එම ප්‍රචාරයන් අසත්‍ය බව දැනුම් දෙන්නෙමු.
#SriLankaPolice #NewsAlert #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි
——————————————
BBCMirror.lk sfmnewslk.com


