2025.11.16 “ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට, විද්‍යාව අපගේ ජාතික න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානයක් විය යුතුයි” – අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

 

 

 

 

 

 

 

 

 

 

“විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව” තේමා කරගනිමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය ලෝක විද්‍යා දිනයට සමගාමීව සංවිධානය කළ ජාතික විද්‍යා සතිය පසුගිය දින(14) සාර්ථකව නිමාවට පත්විය. සමාප්ති උත්සවය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්විණි.
සමාජය තුළ විද්‍යා හා තාක්ෂණය විෂය ක්ෂේත්‍රය ප්‍රචලිත කිරීමත්, විද්‍යා සාක්‍ෂරතාව ඉහල නැංවීමට පරිසරය සැකසීමත් අරමුණු කර ගනිමින් විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රවලට අදාළ වැඩසටහන් මාලාවක් විද්‍යා සතිය තුලින් ක්‍රියාත්මක කෙරිණි. අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලය උසස් අධ්‍යාපන ආයතන වෙනත් සංවර්ධන ආයතන ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි සහයෝගය ඇතිව විද්‍යා හා තාක්ෂණ රාජ්ත්‍රාන්තික සාකච්ඡා, විද්වත් සංවාද, විද්‍යා පා ගමන, අනුබද්ධ ආයතනයන් හි මහජන දින, නව නිපැයුම් තරග, අභ්‍යවකාශ තාක්ෂණය ඇතුළු තාක්ෂණ ප්‍රදර්ශන, අධ්‍යාපන වැඩමුළු, කලාව හා විද්‍යාවේ හමුවීම, ඡායාරූප ප්‍රදර්ශන ඇතුළු විද්‍යාවේ ප්‍රගමනයට ඉවහල් වන වැඩසටහන් ගණනාවක් මෙම සතිය තුළ ක්‍රියාත්මක කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා:
“ජාතික විද්‍යා සතිය තවත් සාම්ප්‍රදායික සැමරුමක් නොවේ, නවීන දැනුම මත පදනම් වූ සහ ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම්, විද්‍යාව අපගේ ජාතික න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානයක් විය යුතු බව පෙන්වාදීමකි. අප අමාත්‍යාංශය මෙරට පර්යේෂණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම, විද්‍යා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, නවෝත්පාදන වාණිජකරණයට සහාය වීම සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තියට ප්‍රවර්ධනය පූර්ණ ලෙස කැපවී සිටිනවා.”
“පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල, කර්මාන්ත මෙන්ම විද්‍යාඥයින්, පර්යේෂකයින්, තාක්ෂණවේදීන්, පාසල් සිසුන්, උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ඇතුළු පිරිස පොදු අරමුණක් සමග සහයෝගිතාවෙන් එක්වන විට කොතරම් බලයක් ගොඩනැගිය හැකි ද යන්න මෙම සාර්ථක සතිය අපට පෙන්වා දී තිබේ.”

“Importants of Field Based Science and It’s Utilitization: Sri Lanka’s Development Through Dessemination” තේමා කර ගනිමින් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය නිමේෂ් ජයසිංහ මහතා විසින් සමාප්ති උළෙලේ ප්‍රධාන දේශනය සිදු කළේය.

සමාප්ති උත්සවයේදී අමාත්‍යාංශය සංවිධානය කළ විද්‍යා විශේෂාංග ලිපි තරගාවලියේ දී තෝරාගත් විශිෂ්ඨ විශේෂාංග ඇතුළත් විද්‍යා ඊ මැගසීනය(Vidya e-Magazine) එළිදැක්වීම විශේෂත්වයකි. විද්‍යා සතිය වෙනුවෙන් සංවිධානය කළ විවිධ තරගවලට අදාල සම්මාන ප්‍රදානය සහ ඇගයීම් සම්මාන සිදුකිරීමත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, UNIDO සම සහයෝගයෙන් පැවැත්වූ නියාමන බලපෑම් ඇගයීම (Regulatory Impact Assessment -RIA) වැඩමුළුවේ දී නිර්දේශ කෙරුණු, ජාතික තත්ත්ව යටිතල පද්ධතිය ශක්තිමත් කිරීමේ හා සංවර්ධන පිළිබඳ ඉදිරි යෝජනා ඇතුලත් ප්‍රතිපත්ති වාර්තාව නිළ වශයෙන් අමාත්‍යංශය ලේකම් තුමාට බාරදීමද සිදුකෙරිණි.
මෙම අවස්තාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය ලේකම් මොහොමඩ් නවාවි, UNIDO හි මෙරට නේවාසික නියෝජිත ජයිරෝ විලාමිල්-ඩයස් යන මහත්වරුන්, අනුබද්ධ ආයතවල ප්‍රධානීන්, විද්‍යා සතියට සහයෝගය දැක්වූ ආයතවල නියෝජිතයන්, ගුරුවරුන් පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

නිත්‍ය සිල්වා
ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමාගේ
මාධ්‍ය ලේකම්
BBCMirror.lk asianewsplusone.com sfmnewslk.com

 

 

 

 

 

 

 

 

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *