28 වැනි ආසියා පැසිපික් කලාපීය සමාජ වැඩමුළුව කොළඹදී

 

ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ වැඩ අධ්‍යාපනය සඳහා වූ ආසියා පැසිපික් සංගමය සමඟ එක්ව සංවිධාන කරන 28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ මුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (18) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. එම සමුළුව ලබන 21 වනදා දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයෙදී පැවැත්වීමට නියමිතයි.
Social Work Responses To Climate Change And Other Enviromental Issues යන තේමාව යටතේ පැවැත්වෙන සමුළුව, ආසියා-පැසිපික්, යුරෝපය, උතුරු ඇමරිකාව ඇතුළු ලෝකයේ රටවල් 30ක පමණ සමාජ වැඩ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සිසුන්, ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සමන්විත වේ.
ගෝලීය හා කලාපීය වශයෙන් ප්‍රජාවන්ට බලපාන සමාජ හා පාරිසරික අභියෝග විසඳීම සඳහා දැනුම හුවමාරුව සහ සහයෝගිතාව ගොඩනැගීම මෙම සමුළුවේ අරමුණයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *