සිසුන්ගෙන් මුදල් එකතු කිරීම තහනම්.!

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

පාසල්වල සිදු කරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදී සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කරන බවට වන පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇත.

විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම වැනි සිදුවීම් පාසල් තුළදී ඇති නොවීමට විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බව පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් කළ අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වූ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් යොදවන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *