අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ පත් කෙරුණු කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඒ අනුව, බිමල් නිරෝෂන් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙසද, අනුර කරුණාතිලක මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා ලෙසද, වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන කැබිනට් අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්හ.

මේ අතර ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, ටී.බී. සරත් මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, එරංග ගුණසේකර මහතා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, වෛද්‍ය මුදිත හංසක විජයමුණි මහතා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, අරවින්ද සෙනරත් විතාරණ මහතා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, එච්.එම්. දිනිදු සමන් කුමාර මහතා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසද, එම්.අයි.එම්. අර්කම් මහතා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්හා

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *