ගල්කිස්ස පොලිස් මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්. තුෂාර මහතා වෛද්‍ය සේවා අංශයේ සාමාන්‍ය රාජකාරි සඳහා වහාම මාරු කර තිබෙනවා

BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ශනයකට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකය.

අධිකරණ පරිශ්‍රය තුළ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී නීතිඥවරයෙකුට පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් මත අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (ඔක්තෝබර් 13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප ලබා දෙන ලදී.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *