පොලිස් සේවයේ නියුතුව සිටි දූෂිත නිලධාරීන් හාරසියයක් පමණ මේ වනවිට පොලිස් සේවයෙන් ඉවත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එල්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කර සිටිනවා. BBCMirror.lk sfmnewslk.com

 

මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය හා ඒ හා බැඳුණු කළු ආර්ථිකය මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවට එක්වෙමිනුයි.

සමස්ත පොලිස් සේවය තුළ නිලධාරීන් අසූදහසක් පමණ සිටින බවත් ඒ අතරින් දූෂිත නිලධාරීන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව පියවර ගැනීම පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ පොලිස් සේවයේ සිටින සෑම නිලධාරියකුගේම ක්‍රියා කලාපය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *