මහනුවර සිට කොළඹට එන දුම්රිය මගීන්ට අද සිට විශේෂ බස් රථ සේවාවන්
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com
මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට අද (08) සිට විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරිමේ හැකියාව පවතින බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති සඳහන් කළේ.
ඒ අනුව උදෑසන 4.00, 4.15 සහ 4.30ට, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සහිත මගීන් සඳහා පමණක් වූ ප්‍රවාහන සේවාවක් සැපයීමට කටයුතු කර ඇති බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම බස් රථ ප්‍රමාණවත් නොවන්නේ නම් අමතර බස් රථ ද, ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත බවයි.
ඒ අනුව කොළඹ සහ නුවර අතර ප්‍රවාහනය සඳහා තෝරාගෙන ඇත්තේ නුවර, කටුගස්තොට, ගලගෙදර, හතරලියද්ද, රඹුක්කන, කරඬුපන, කෑගල්ල, පස්යාල හරහා කොළඹ දක්වා දිවෙන බස් රථ මාර්ගය බව ද ඒ පැවසුවා.
එම මාර්ගය මගීන් සඳහා සුරක්ෂිත මාර්ගය ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව, දුරගමන් සේවා බස් වෙනුවෙන් තෝරාගෙන ඇති බව ද සභාපති චන්ද්‍රපාල මහතා පැවසුවා.

