පිරිසක් උතුරට ෆෙඩරල් පාලනයක් ඉල්ලා තමිල්නාඩු මහ ඇමති සමඟ සාකච්ඡාවක්
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නියෝජිත පිරිසක් පසුගියදා චෙන්නායි හිදී තමිල්නාඩු මහඇමති එම්. කේ. ස්ටාලින් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙන බව වාර්තා වනවා.
එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින ඒකීය රාජ්‍ය ව්‍යුහය වෙනුවට ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටින ලෙසය.
ඉන්දු-ලංකා ගිවිසුම මගින් අපේක්ෂිත බලතල දෙමළ ජනතාවට පූර්ණ ලෙස භුක්ති විඳිය හැක්කේ ෆෙඩරල් පාලන ව්‍යුහයක් යටතේ පමණක් බවයි, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙහිදී පෙන්වා දුන්නේය
“ෆෙඩරල් ක්‍රමයක් තුළින් පමණක් දෙමළ ජනතාවට ඔවුන් බලාපොරොත්තු වූ අයිතිවාසිකම් සහ බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනු ඇති” බවයි, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොන්නම්බලම් අවධාරණය කළේ.

