අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් යළි කැඳවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති සඳහා පූර්ණ සහය දක්වන පිරිස් සමඟ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 29ක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ධුරකාලය ජනවාරි මාසයෙන් අවසන් වන බවට එරට රජය විසින් පසුගිය සතියේ ඔවුන් වෙත නිල දැනුම්දීමක් සිදුකර තිබූ බව ද සඳහන් වේ.
මෙම සියළුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් පරිපාලනය විසින් පත් කළ පිරිස් වන නමුත් ඔවුන්ට මේ දක්වා එම ධුරවල කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අප්‍රිකානු රටවල් 13ක, ආසියානු රටවල් 06ක, යුරෝපා රටවල් 04ක, මැදපෙරදිග රටවල් 02ක සහ දකුණු හා මධ්‍යම ආසියානු රටවල් 02ක අමෙරිකානු තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙලෙස ට්‍රම්ප් පරිපාලනය විසින් කැඳවා ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙවැනි වෙනස්කම් ඕනෑම පරිපාලනයක සම්මත ක්‍රියාවලියක් වන බවය.
තානාපතිවරයා යනු කිසියම් රටක් සඳහා පත්කරනු ලබන ජනාධිපතිවරයාගේ පෞද්ගලික නියෝජිතයෙකු වන අතර සිය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන පිරිස් එම රටවල් සඳහා අනුයුක්ත කිරීම ජනාධිපතිවරයාගේ අයිතියක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

