ඉන්දීය යුධ හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

දිවයිනට පැමිණ සිටින ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස ඉකුත් 07 වන දා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දියානු යුද්ධ හමුදාධිපතිවරයා  ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් පිළිගන්නා ලද අතර ඊට පෙර යුද්ධ හමුදා භට පිරිස් විසින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය  පිරිනමන ලදී.

පසුව ඉන්දියානු යුද්ධ හමුදාධිපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අතර සුහද හමුවක් පැවැත්විණි. එම හමුව අවසන් කරමින් ඉන්දියානු ආධාර යටතේ යුද්ධ හමුදා යුධ විද්‍යාලය බුත්තල ඉදි කිරීමට යෝජිත ඉන්දු-ලංකා ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා වූ ගිවිසුම අත්සන් කරනු ලැබීය.

ඉන් පසු ඉන්දියානු යුද්ධ හමුදාධිපති  ශ්‍රී ලංකාවට බළපෑ ආපදා තත්ත්වය තුළදී  සක්‍රීයව දායකත්වය දැක්වූ යුද්ධ හමුදා ප්‍රතිචාර කණ්ඩායම්වල සාමාජිකයින්ගේ විශිෂ්ට හා කැපවූ සේවය ඇගයීම සඳහා සංවිධානය කරන ලද උත්සවයකටද සහභාගි වන ලදී.

අනතුරුව මහින්ද්‍රා ස්කොර්පියෝ වර්ගයේ වාහන 20ක්  පුහුණු සමාකෘති සහ ගිලන් රථ දෙකක් නිල වශයෙන්  ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත ප්‍රදානය  කිරීමද සිදුවිය. මෙම ප්‍රදානය දෙරට හමුදාධිපතිවරුන් අතර පවතින පුද්ගලික මිතුදම තහවුරු කල අවස්ථාවක් වූ අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.

තවද යුද්ධ හමුදා මූලස්ථාන නිල සංචාරයට පෙර ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය වෙත පැමිණි අතර එහිදී  ඉන්දියානු යුද්ධ හමුදාධිපති විසින් එම විද්‍යාලයීය පුස්තකාලයේ ‘ඉන්දියානු අංශය’ විවෘත කළ අතර විද්‍යාලය වෙත ගිලන් රථයක් ද පරිත්‍යාග කළේය. එමෙන්ම, ඉන්දියානු යුද්ධ හමුදාධිපති බත්තරමුල්ල ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් දිවිපිදූ ඉන්දීය හමුදා සාමාජිකයන් වෙත ගෞරවාචාර පිදීමකටද එක්විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *