අම්බුළුවාවේ මූල්‍ය අක්‍රමිකතාවලට වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අම්බුළුවාවේ පරිසර විනාශයට වගකිව යුතු සහ අම්බුළුවාවේ සිදුවීයැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් මහනුවර සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් අද (17) මහනුවර ගෝඨාගෝගම තිබුණු ස්ථානයේ විරෝධතාවක් සිදු කරන ලදී.

අම්බුළුවාව කන්ද නාය යෑමෙන් මරණයට පත්වූ ගම්පොල ජිනරාජ පිරිමි විද්‍යාලයේ මල්ලිකා තෙබුවනආරච්චි ගුරුවරියට යුක්තිය ඉටු කරන ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ පනත ගෙන එන අවස්ථාවේදී ඊට එරෙහිව 2009 වසරේදී පාර්ලිමේන්තුවේ හඬ නැගූ එදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නවරත්න බණ්ඩාර මහතා ද මෙම විරෝධතාවට එක්වීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට අම්බුළුවාව කඳු පාමුල ප්‍රදේශවාසීහු පිරිසක්ද සහභාගී වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *