ස්වාභාවික සුන්දරත්වයේ රමණීය ගමන් මග සුන්දර කඩුගන්නාව

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

මාධ්‍යවේදී

කොලින් හරිශ්චන්ද්‍ර

කඩුගන්නාව යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර නගරයකි.

පේරාදෙණියට බටහිරින් තියෙන මෙම ප්‍රදේශයට අයත් මාර්ගයේ ගමන් කරනා විට පෙනෙන කෙන්ගල්ල නිම්නයේ දර්ශනය හා බත්තලේ ගල වගේ ස්වාභාවික මනස්කාන්ත පරිසරයේ අපූරුතා නෙත ගැටෙනා විට ඔබේ හදවත සොරකම් කරගන්නවා නොඅනු මානය.

කඩුගන්නාව යනු මහනුවර  රාජධානියේ ප්‍රධාන ආරක්ෂිත ස්ථානයකි. ආක්‍රමණිකයන්ගේ පැමිණීම වළක්වාලමින් බලකොටුවක් වගේ ආරක්ෂාවක් ලබා දී තිබේ. සිංහල රජවරුන්ගේ කාලයේදී ආක්‍රමණවලට එරෙහිව සිදුවුන යුද්ධවලදී බලන කොටුව ප්‍රධාන බලකොටුව ලෙස භාවිතා කර තිබේ.

1820 දී පමණ මහනුවර අල්ලා ගත් පළමු විදේශීය වේගය ලෙස බ්‍රිතාන්‍යයන් ස්ථාන ගත වෙද්දි කොළඹ නුවර මාර්ගය ඔවුන් විසින් ඉදිකොට තිබේ. බෝම්බ දාලා පුපුරවන්න තිබූ පර්වතයක් කපලා ගමන් මාර්ගය ඔවුන් විසින් සකස් කරන ලදී. එය ඉතාමත් ගන්නා සුළු අලංකාර ලෙස සකසා තිබේ.

එම මාර්ගය ඉදි වෙමින් තිබෙන අතරතුර කැප්ටන් ඩෝසන් මිය ගොස් තිබේ. ඔහු සිහි වීම පිණිස සෑදූ ස්මාරකය ඩෝසන් කුළුණ ලෙස නම් කර තිබේ. තවත් අපූරු ස්ථානයක් ලෙස කඩුගන්නාව අම්බලම හැඳින්වීමට පුළුවනි.18 වැනි සියවසේදී හැදුණු මෙම විවේකාගාරය වෙළඳුන් සහ ගමන්කරුවන්ට අපූරු නවාතැනක් විය. එම යුගයේ ගුව නිර්මාණ ශෛලීන්ගෙන් යුත් එය 2009 දී පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කොට තිබේ.2011 දී පමණ ලොරියක් ගැටීම හේතුවෙන් හානි උන එම ගොඩනැගිල්ල නැවත 2013 වන විට නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.

බ්‍රිතාන්‍යයන්ගේ තවත් අපූරු නිර්මාණයක් ලෙස කොළඹ නුවර දුම්රිය මාර්ගය හැඳින්වීමට පුළුවනි. එය කොළඹ නුවර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමට හේතු විය.

වර්තමානයේ කඩුගන්නාව යනු නගර සභාවක් මගින්

පාලනය වන ජනාකීර්ණ ස්ථානයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 518 ක් උසින් පිහිටි මෙම භූමිය තේ කර්මාන්ත ශාලා සහ දුම්රිය කෞතුකාගාරය වැනි සුන්දර දර්ශන සමග සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මනස්කාන්ත නගරයකි.

නමුත් 2025 නොවැම්බර්, දෙසැම්බර් කාලවල ඇතිවුන බර වැසි සමග ගංවතුර නාය යෑම් ආදී ආපදාවන්ට ලක්වීම අද වන විට මහත් අභියෝගයකට ලක්ව ඇත. මෙම ප්‍රදේශය අද වන විට අධි අවධානම් කලාපයක් ලෙස හඳුනාගෙන තියෙනවා.

නමුත් ස්වාභාවික ආපදාවලටත් ඔරොත්තු දෙමින් මේ ස්ථානය තවදුරටත් ශ්‍රී ලංකාවේ අපූරු ආභාෂයක් දනවන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා.

 

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *