වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

යෝෂිත රාජපක්ෂට එරෙහිව අධිචෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් කොමිසම) කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නම් කර ඇත.

අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති චෝදනා අනුව, 2006 සැප්තැම්බර් 01 සිට 2007 ජූනි 08 දක්වා කාලය තුළ නාවික හමුදාපති ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ, යෝෂිත රාජපක්ෂට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ Royal Navy Young Officers Course පුහුණු පාඨමාලාවට සහභාගි වීම සඳහා අයුතු ලෙස පහසුකම් සලසා රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කර ඇත.

එම ක්‍රියාවෙන් අයුතු වාසියක් ලබාගත් බවට යෝෂිත රාජපක්ෂට ද වෙනම චෝදනා එල්ල කර ඇති අතර, විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව සමස්ත චෝදනා 08ක් ගොනු කර තිබේ.

අධිචෝදනා පත්‍ර මේ වන විට කොළඹ මහාධිකරණයට භාරදී ඇති අතර, චෝදනා නිල වශයෙන් භාරදීම සඳහා විත්තිකරුවන් වෙත ඉදිරියේදී අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *