අනාගතය සොයන තාරුණ්‍යය” – ශ්‍රී ලංකාවේ පළමු ජාතික තරුණ පර්යේෂණ සමුළුව 2026 සාර්ථකව අවසන්
www.sfmnewslk.com
www.lankawebnews.lk
www.ceylonnewsmedia.com
www.bbcmirror.lk
තරුණ පර්යේෂකයන් 200ක් | පර්යේෂණ පත්‍රිකා 67ක් | නව පර්යේෂකයන් දිරිගැන්වීමට රු. 25,000ක ප්‍රදාන
ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සමුළුව 2026 සැප්තැම්බර් 16 සහ 17 යන දෙදින තුළ රත්මලාන ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කළ මෙම සමුළුව සැප්තැම්බර් 16 වැනිදා පෙරවරු 9.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම ජාතික පර්යේෂණ සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ ක්ෂේත්‍ර 9ක් ඔස්සේ තරුණ පරපුර සතු විභවතා හා කුසලතා හඳුනාගනිමින්, දත්ත හා තොරතුරු මූලාශ්‍ර මත පදනම් වූ පර්යේෂණ හරහා ශ්‍රී ලංකාවේ අනාගත තරුණ සංවර්ධනය සඳහා අවශ්‍ය උපායමාර්ග හඳුනාගැනීමයි.
විශ්වවිද්‍යාල සිසුන්, උපාධි හා පශ්චාත් උපාධි පර්යේෂකයන්, ස්වාධීන පර්යේෂකයන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.
සමුළුව සඳහා තරුණ පර්යේෂකයන් 200 දෙනෙකු පමණ පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර තිබූ අතර, ඉන් තෝරාගත් පර්යේෂණ පත්‍රිකා 67ක් දෙදින තුළ සම්පත්දායක පරීක්ෂක මණ්ඩල හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවිය.
පළමු වරට පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ තරුණ පර්යේෂකයන් 40 දෙනෙකු තෝරාගෙන එක් අයෙකුට රුපියල් 25,000 බැගින් මුදල් ප්රදානය කිරීමද තරුණ පර්යේෂකයන් දිරිගැන්වීමේ සුවිශේෂී පියවරක් විය.
මෙම සමුළුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළේ තරුණ පරපුර මුහුණ දෙන ගැටලු සඳහා විද්‍යාත්මක හා තිරසාර මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබාදිය හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ වැදගත්කමයි.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී. එම්. සී. තිලකරත්න මහතා විසින්ද තරුණ ප්‍රජාව පිළිබඳ විශ්ලේෂණාත්මක දත්ත, තොරතුරු මූලාශ්‍ර සහ නව ප්රවණතා සම්බන්ධයෙන් ආරාධිත දේශනයක් පවත්වන ලදී.
තරුණ කටයුතු විෂය භාර අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, නියොජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නිනායක මහතා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ පර්යේෂකයන් සහ වෘත්තිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම සමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය පර්යේෂකයකු හා සම්පත්දායකයකු ලෙස සහභාගී වූ bbcmirror Media සහ Asia news plus one හි Deputy Editor – Research එම්. සරත් කුමාර පෙරේරා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර වෙනුවෙන් මෙවැනි ජාතික පර්යේෂණ වේදිකාවක් නිර්මාණය කිරීම අනාගත පර්යේෂකයන් බිහිකිරීම සඳහා වැදගත් පියවරක් බවයි.
“අද පර්යේෂණ කරන තරුණයා, හෙට රටේ දැනුම ගොඩනඟන පර්යේෂකයෙකු බවට පත්වීම සඳහා මෙවැනි අවස්ථා විශාල ශක්තියක් ලබාදෙනවා.” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තරුණ පර්යේෂණ ක්ෂේත්රය ශක්තිමත් කරමින් නව දැනුම සමාජගත කිරීම සඳහා මෙම ජාතික පර්යේෂණ සමුළුව නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරයි.
Asia News Plus One සහ bbcmirror Media මාධ්‍ය ජාලයේ සුබපැතුම්!
එම්. සරත් කුමාර පෙරේරා
Deputy Editor – Research
bbcmirror Media
Asia news plus one
www.sfmnewslk.com
www.lankawebnews.lk
www.ceylonnewsmedia.com
www.bbcmirror.lc

