අධිවේගයේ වාහනවල යන සියලු මගීන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල ඉදිරිපස සහ පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම (19) මධ්‍යම රාත්‍රී 12.00 සිට අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර ඇත.

නිෂ්පාදනයෙන්ම ආසන පටි සවිකර නොමැති පැරණි වාහන සඳහා එම පහසුකම සපයා ගැනීමට රජය විසින් අවස්ථා හතරකදී ගැසට් නිවේදන මගින් සහන කාලයක් ලබා දුන් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එම සහන කාලය අදින් අවසන් වන බැවින්, ආසන පටි සවිකර ඇති වාහනවලට පමණක් අද මධ්‍යම රාත්‍රියෙන් පසු අධිවේගී මාර්ගවල ගමන් කිරීමට නීත්‍යානුකූල අවසර හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *