විජය අනුස්මරණ පුෂ්පෝපහාරය සීදුව දී.
www.bbcmirror.lk www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකාවේ මානව හිතවාදී ප්‍රවීන කලාකරුවකු වූ විජය කුමාරණතුංග මහතා වියෝවී 38 වසරක් සපිරීම නිමිත්තෙන් ඒ මහතාගේ අනුස්මරණ සමාධියට පුෂ්පෝපහාර පිදීමේ උත්සවයක් ඊයේ (16) සීදුව 18 කණුව ප්‍රදේශයේ විජය කුමාරණතුංග අනුස්මරණ සමාධිය අසලදී පැවැත්විණි.
මෙම අවස්ථාව සදහා ඒ මහතාගේ බිරිඳ වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය හිටපු මධ්‍යම පළාත් මහ ඇමති නන්දිමිත්ර ඒකනායක සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පී විශ්ව කොඩිකාර මහතා ඇතුළු විජය කුමාරණතුංග මහතාගේ සමීප ඥාතීන් ඇතුළු හිතමිතුරන් හා ඒ මහතාට ආදරය කරන රසික පිරුසක් රැස්ව සිටියහ.
මෙහිදී පළමුව පැමිණ සිටි අයවලුන් පිළිගැනීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කළ අතර ඉන් අනතුරුව ඒ මහතා සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.
ඉන් අනතුරුව පැමිණ සිටි අයවලුන් විසින් විජය කුමාරණතුංග සමාධියට පුෂ්පෝපහාර පිළිගැන්වීමෙන් පසු උත්සව සභාව අවසන් විය.
තවද මෙයට සමගාමීව සීදුව විජය කුමාරණතුංග අණුස්මරණ රෝහල් ලේ දන් දීමේ කඳවුරක් ද පැවැත්වීමට කටයුතු කර තිබිණි.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr


