ගර්භණී වීමට මාස 03 කට පෙරවත් සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ සංජීව ගොඩකන්ද.

www.bbcmirror.lk    www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතය සංවර්ධිත රටවල තත්ත්වයට පත්ව තිබුණද තවදුරටත් උපත් ආබාධ මෙරට තුල ඇතිවීම වලක්වා ගැනීම සඳහා මහජනතාවගේ අවධානය අවබෝධය හා දැනුම වැඩි කරලීම සඳහා ජනමාධ්‍ය වෙත තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ඉකුත් 04 දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්ද ගේ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ සඳහන් කලේ ලෝක උපත් ආබාධ දිනය යෙදී ඇති පසුගිය 03 දා ට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්තු 02 දා සිට 06 දික් දක්වා ක්‍රියාත්මක කොට ඇති දැනුවත් කිරීමේ සතිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ දරු උපතකදී ඇති වන ආබාධ අවම කර ගැනීම සඳහා ගර්භණී මවක් ආසාදන වලක්වා ගැනීමට ප්‍රතිශක්තිකරණ ක්‍රියා වලියට යොමු වීම නිසි පෝෂණයෙන් යුත් ආහාර ගැනීම හා පරිවෘත්තීය තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමට ක්‍රියා කිරීම තුළින් පිලියම් යෙදීමට හැකි බවයි. එමෙන්ම ගර්භණී තත්ත්වයට පත්වීමට මාස 03 කට පමණ පෙර සිටවත් ෆෝලික් අම්ලය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

තවද ස්ථුලභාවය හා දියවැඩියාව ළදරු කලලයක උපත් ආබාධ ඇති වීමට හේතු වන බවත් මෙරට වසරකට උපත් ආබාධ සහිත දරුවන් 4000 ක් 5000 ක් අතර ප්‍රමාණයක් ප්‍රසුත කරන අතර එයින් වසරකට අඩු කාලයක් තුළ මියයන සංඛ්‍යාව 650 ක් පමණ වන බවයි. තවද  මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ක්ෂේත්‍ර හා රෝහල් මට්ටමින් මෙම තත්ත්වය අවම කිරීම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කරන බවත් ගර්භණී තත්ත්වයට පත්වීමට සැලසුමක් තබා ගැනීමට හා තම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් හරහා ජාතික මට්ටමේ වැඩ සටහන යටතේ ලියාපදිංචි වී ඔවුන් ලබාදෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමෙන් එවැනි දරු උපත් සිදුවීම අවම කර ගත හැකි බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *