ගුවන් හමුදාවෙන් නානුඔය දෙමළ විද්‍යාලයට පරිගණක මධ්‍යස්ථානයක්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය විසින් නුවරඑලිය නානුඔය ඩ්‍රෙස්ෆෝර්ඩ් දෙමළ මහා විද්‍යාලයේ සිසු දරුවන් උදෙසා අංග සම්පූර්ණ පහසුකම් සහිත නව තොරතුරු තාක්ෂණ පරිගණක මධ්‍යස්ථානයක් සකස් කොට සිසු අයිතියට පවරා දීමට පසුගියදා (28) සමත්විය.

සිසුන්ට නවීන තාක්ෂණික ඉගෙණුම් පරිසරයක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ අතර මෙම පරිඝණක මධ්‍යස්ථානය ඩෙස්ක්ටොප් පරිගණක 15 ක් යූපීඑස් උපකරණ හා අන්තර්ජාල පහසුකම් සහිතව නිසා කොට ඇත. මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු හා ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිදුරුතලාගල කදවුර මගින් සිදු කළ අතර ඇලෙන්කෝ (Alengko) පදනම හා ඕස්ට්‍රේලියාව හා ජර්මනියේ පදිංචි ශ්‍රී ලංකා ප්‍රජාවේ දායකත්වයද මේ සඳහා  ලැබී ඇත.

පරිගණක පරිශ්‍රය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් විද්‍යුත් හා තොරතුරු තාක්ෂණික ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් ඇලන්කෝ පදනමෙහි සාමාජිකයන් පාසැලේ විදුහල්පති ඇතුළු ගුරුවරුන් හා පාසැල් සිසුන් රාශියක් සහභාගී විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *