මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැති ආපදා වාර්තාකරණ ධාරිතා සංවර්ධන වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි
www.bbcmirror.lk
www.asianews.lkwww.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonnewsmmedia.com
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පැවැති දෙදින වැඩමුළුව අතුරුගිරියේදී
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය, ඩිජිටල් සහ වෙබ් මාධ්‍යවේදීන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ ධාරිතා සංවර්ධන වැඩමුළු මාලාවේ දෙවන අදියර 2026 සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින තුළ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී සාර්ථකව පැවැත්විණි.
කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.
ආපදා සූදානම, ආපදා අවස්ථාවන්හිදී මාධ්‍ය වාර්තාකරණය, ඔරොත්තුදීමේ හැකියාව, නිවැරදි තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කිරීම සහ ආචාරධර්මානුකූල මාධ්‍ය භාවිතය ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳව සහභාගී වූ මාධ්‍යවේදීන් දැනුවත් කෙරිණි.
විශේෂයෙන් ආපදා තත්ත්වයන් වාර්තා කිරීමේදී ජනතාව නොමඟ යවන තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීම, සංවේදී අවස්ථාවලදී මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කිරීම සහ ජනතාවගේ ආරක්ෂාව හා මානව ගරුත්වය සුරක්ෂිත වන අයුරින් වාර්තාකරණයේ නිරත වීම පිළිබඳවද අවධානය යොමු විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශලයා ආරියරත්න මහත්මිය සහභාගී වූ අතර, වැඩමුළුව සාර්ථකව නිම කළ මාධ්‍යවේදීන් වෙත සහතික පත් ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
එමෙන්ම මාධ්‍යවේදීන්ගේ ආපදා වාර්තාකරණ දැනුම සහ වෘත්තීය හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා සකස් කළ පුහුණු අත්පොතද මෙහිදී ප්‍රදානය කරන ලදී.
වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය හා සම්බන්ධීකරණය
මෙම වැඩමුළුවේ සම්පත්දායකත්වය හා සම්බන්ධීකරණ කටයුතු සඳහා වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා, නීතිඥ ජගත් ලියනාරච්චි මහතා සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා දායක වූහ.
ආරාධිත ආයතනික සම්පත්දායකයින්
වැඩමුළුව සඳහා විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශේෂඥ සම්පත්දායකයින් රැසක් සහභාගී වූහ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
නියෝජ්‍ය අධ්‍යක්ෂ J.W. කරුණාරත්න මහතා
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය
ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ K.P.G.W. සේනාධීර මහතා
ශ්‍රී ලංකා යුද හමුදාව
ලුතිනන් කර්නල් A.W.K. සමරසිංහ මහතා
ශ්‍රී ලංකා නාවික හමුදාව
ලුතිනන් කමාන්ඩර් G.G.C.L. ගමගේ මහතා
මෙම සම්පත්දායකයින් විසින් තම ආයතනවල වගකීම්, ආපදා අවස්ථාවලදී ක්‍රියාත්මක වන ක්‍රමවේද සහ මාධ්‍යවේදීන් විසින් ආපදා තොරතුරු වාර්තා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීම් සිදු කරන ලදී.
වැඩමුළුවේ උපදේශන හා සම්බන්ධීකරණ කටයුතු
වැඩමුළුව සඳහා උපදේශන හා සම්බන්ධීකරණ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය හා සංවර්ධන අංශය මගින් සිදු කරන ලදී.
එහිදී මාධ්‍ය හා සංවර්ධන අධ්‍යක්ෂ B.G.P.N. දිල්ෂාරි මහත්මියගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරිණි.
අමාත්‍යාංශයේ මාධ්‍ය අංශ ප්‍රධානී චන්දන විදානපතිරණ මහතා ඇතුළු නිලධාරීන්ගේ සහයෝගයෙන් වැඩමුළුවේ සංවිධාන හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
සහායක නිලධාරීන් ලෙස සලනි, සංජීවි සහ වින්ධ්‍යානි මහත්මීන්ද වැඩමුළුවේ කටයුතු සඳහා දායක වූහ.
වගකීම් සහගත, නිවැරදි සහ ආචාරධර්මානුකූල ආපදා වාර්තාකරණයක් තුළින් ජනතාවට කාලෝචිත තොරතුරු ලබාදීම සහ ආපදා අවස්ථාවලදී මාධ්‍යයේ සමාජ වගකීම ශක්තිමත් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණක් විය.
#DisasterReporting
#DisasterManagement
#MediaTraining
#MediaDevelopment
#Journalists
#ResponsibleJournalism
#MediaEthics
#DisasterPreparedness
#SriLankaMedia
#CapacityDevelopment
#HealthAndMedia
#SriLanka
humanrightspo.org
www.asianews.lk
www.bbcmirror.lk
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
www.ceylonnewsmedia.com
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr











