2026 බක් මහේ කෝකිල වසන්තයට සැරසෙන සුන්දර නුවරඑළිය.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
සෑම වසරවල මෙන්ම මෙම වසරේදිත් බක්මහේ වසන්තය වෙනුවෙන් කිසිදු අඩුවකින් තොරව සුන්දර නුවරඑළිය නගරය සැරසෙන බවත් නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට උපරිම ආස්වාදයක් ලබා ගැනීමට හැකි අයුරින් වැඩ කටයුතු සංවිධානය වන බවත් නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහතා පවසයි ,
ඔහු මේ බව කියා සිටියේ වසන්ත සැණකෙළිය මෙවර පවත්වන ආකාරය පිළිබඳ අප සිදුකළ විමසමකට ප්‍රතිචාර ලබා දෙමිනි ,
මෙම අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල දමිළ අළුත් අවුරුද්ද වෙනුවෙන් මුළු මහත් ශ්‍රී ලංකාවම සැරසුලද එහි සුවිශේෂීම දෙස් විදෙස් සංචාරක පාරාදී සේවනුයේ සුන්දර නුවරඑළිය නගරයයි ,
සිංහල දමිළ අළුත් අවුරුදු සැමරීම සඳහා බහුතරයක් වූ දේශීය සංචාරකයන් මාස කිහිපයකට මුල සිටම සැලසුම් කරන්නේ නුවරඑළිය සංචාරක පුරවරයේ සිය නිවාඩුව ගත කරන්නටය එයට හේතුව වනුයේ බක්මහා වසන්ත සැණකෙළි වෙනුවෙන් සුවිශේෂී අංග රාශියක් නුවරඑළිය නගරයේ සංවිධානය වීමයි ,
ඒ අතුරින් තුරඟ තරග වසන්ත මල් දැක්ම මෝටර් රථ ධාවන තරග මෝටර් බයිසිකල් ධාවන තරග සංගීත සංදර්ශන දහවල් හා රාත්‍රී විනෝද සැණකෙළි ආදිය සුවිශේෂි ස්ථානයක් ගනියි ,
මෙවර ඉන්ධන හා බලශක්ති අර්බුදයන් සමග සංගීත සංදර්ශන හා මෝටර් බයිසිකල් සහ මෝටර් රථ ධාවන තරගය ගැන රජය ලබාදෙන නිර්දේශවලට අනුව කටයුතු කිරීමට සිදුවීමත් මෙවර සිදුවන අනපේක්ෂිත සිදුවීමකි .
රට තුළ ඉන්ධන සඳහා අර්බුදකාරී තත්ත්වයක් පවතින නමුත් සුපුරුදු පරිදිම මෙම වසරේදීත් සංචාරකයන් පිළිගැනීමට නුවරඑළිය මහ නගර සභාව සහ අනෙකුත් පෞද්ගලික අංශ සියල්ල අවශ්‍ය සියලුම සංවිධාන කටයුතු මේ දිනවල සිදුකිරීමක් දක්නට ලැබිණ ,
නුවරඑළිය නගර අලංකරණ කටයුතු සහ සංචාරක ස්ථානයන් වන වික්ටෝරියා උද්‍යානය ග්‍රෙගරි උද්‍යානය වැනි ස්ථානවල්වල මල් පැළ සිටවා අලංකාර කර අවශ්‍ය පහසුකම් සැපයීමට නුවරඑළිය මහ නගර සභාව නාගරික සංවර්ධන අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටි ,
ඒත් සමගම තරග සංවිධායක වරුන් සහ සැණකෙළි භූමි සංවිධායකවරුන් දස දෙසින් නුවරඑළියට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පහසුකම් සැපයීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවද දැනගන්නට ලැබින ,
මෙවර වසන්ත සැණකෙළිය පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සිවන් ජෝති යෝග රාජා මහතාගෙන් අප සිදුකළළ විමසුමට වැඩිදුර අදහස් දක්වමින් මෙසේ කීය ,
සෑම වසර වලට වගේම සමානව අපිට සංවිධාන කටයුතු සිදු කරනවා නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදය සඳහා ,
කෙසේ වෙතත් රට තුළ ඉන්ධන හා බලශක්ති අර්බුදයක් පැවතෙන කාලයක තමයි අපි මේ සංවිධාන කටයුතුත් සිදුරන්නේ ,
අපි මේ සංවිධාන කටයුතු සියල්ල සිදු කළේ රටේ තත්ත්වය යහමගට හැරෙයි කියන විශ්වාසයෙන් තමයි ,
දැනටත් අපි විශ්වාස කරනවා වගේම ප්‍රාර්ථනා කරනවා රටේ තත්ත්වය යහපත් අතට හැරිලා අවුරුද්ද හොඳටම සමරන්න ලක්වැසියන්ට හැකි වේවා කියලා ,
එනමුත් රටේ යම්කිසි බලශක්ති අර්බුදයක් පැවතුණානම් එයටද නිසි අන්දමින් රජය පවසනන ආකාරයට හා උපදෙස් අනුව කටයුතු කරල අවුරුද්ද සමරන්න අපට සිදුවෙනවා ,
රජයේ උපදෙස් පරිදි මේ අවුරුද්දේ වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවයක් පෙර අවුරුදුවල වගේ මහා පරිමාණයෙන් අප සිදු කරන්නේ නැහැ ,
වසරක් පාසා සිදු කරන චාරිත්‍රයක් වශයෙන් අප කෙටි උත්සවයක් පවත්වා ඒ කටයුතු සිදු කරන්න සැලසුම් කරලා තියෙනවා ,
රටේ තත්ත්වේ කෙසේ වෙතත් ඒ තත්ත්වයට සාධනීය ලෙස මුහුණ දී අවුරුද්ද සමරන්න සුන්දර නුවරඑළිය නගරයට එන්න කියලා අපි ලක්වාසී සහ ලෝකවාසී සියලුම ද දිනාට නුවරඑළියේ මහ නගර සභාව වශයෙන් අප ගෞරවයෙන් ආරාධනා කරනවා .


