ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා පැවත්වා තිබේ.

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා පැවත්වා තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරටේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කර ඇත.

ඉන්දීය උප ජනාධිපතිවරයා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ද හමුවී තිබුණි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්විණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, පොදු ඉතිහාසය සහ සංස්කෘතික සබඳතා මත පදනම් වූ බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම කෙරෙහි නායකයන් දෙපළගේ අවධානය යොමු වූ බවය.

“ඉන්දීය නිවාස ව්‍යාපෘතිය සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙනුවෙන් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක සහන පැකේජය යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

අද උදෑසන 9:30 ට පමණ 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *