ට්‍රම්ප් ගේ ට්විටර් එක
www.bbcmirror.lk
www.Lankawebnews.lk
හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇත. ඔවුන් පවසන්නේ මෙම වැදගත් මුහුදු මාර්ගය විවෘත කිරීමේ පරම බලය පවතින්නේ ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සතුව පමණක් බවයි. ඕනෑම යුධමය හෝ සාමකාමී තීරණයක් ඔහුගේ අණ පරිදි පමණක් සිදුවන බව මෙහිදී අවධාරණය කෙරේ.
බටහිර රටවල් හෝ වෙනත් විදේශීය නායකයන් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශවලට තමන් යටත් නොවන බව IRGC දැඩිව පවසා සිටියි.
විශේෂයෙන්ම, ට්‍රම්ගේ ට්විටර් පණිවිඩ”
මත පදනම්ව තමන්ගේ ආරක්ෂක උපායමාර්ග හෝ තීරණ වෙනස් නොකරන බවත්, බාහිර ලෝකයේ වාචික තර්ජන තමන් සැළකිල්ලට නොගන්නා බවත් ඔවුන් පෙන්වා දෙයි.
ලෝකයේ බලශක්ති සැපයුමෙන් විශාල කොටසක් හසුරුවන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. මෙය හුදෙක් ප්‍රකාශයක් පමණක් නොව, කලාපීය බලය තහවුරු කිරීමක් සහ බටහිර බලපෑම්වලට එරෙහිව සිදුකළ සෘජු අභියෝගයක් ලෙස හඳුන්වා දිය හැක

