ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි කූමා නගරයේ සිංහල අවුරුදු උළෙලක්.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලාoකීය අනන්‍යතාව ලොවටම කියාපාන බක්මහ අවුරුදු සිරිත් විරිත් කෙළි සෙල්ලම් ඇඳුම් පැළඳුම් හා ආහාරපාන වලින් සමන්විත බක්මහ අවුරුදු උළෙලක් ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ කූමා නගරයේ සිoහ උද්‍යානයේ දී ඉකුත්දා 06 වන වරටත් දවස පුරා පැවත්වුණි.
එහි සේවයේ නියුතු උදය ලියනගේ මහතා ප්‍රමූඛ කූමා – මෙරිම්බුලා නගරවල වෙසෙන ශ්‍රී ලාoකික ප්‍රජාව ගේ සoවිධානයෙන් හා කූමා බහුසoස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රධානි යුවී හැන්ඩර්සන් මහත්මියගේ සහයෝගය මත මෙම උළෙළ ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවත්විණි.
ශ්‍රී ලංකාවේ සශ්‍රීකත්වය සoකේතවත් කරමින් කිරි ඉතිරවීමෙන් අවුරුදු සිරිත් විරිත් ආරම්භ කළ අතර කිරිබත් කැවුම් කොකිස් දොදොල් ආදියෙන් සැකසූ තේ මේසය හා බත් කජු මාළුව අච්චාරු මාළු ඇඹුල්තියල් ආදී දේශීය ප්‍රණීත ආහාරයෙන් සුසැදි දිවා ආහාර මේසය පැමිණි සෑම දෙනාගේම රසනහර පිනවන ලදි.
වර්ණවත් බතික් ඇඳුමින් සැරසුණු ශ්‍රී ලාoකික වැඩිහිටි හා ළමා ළපටින් මෙන් ම
හින්දු මුස්ලිම් ප්‍රජාව ද ඕස්ට්‍රේලියානු ප්‍රජාව ද අවුරුදු උළෙලේ ක්‍රීඩා තරග සඳහා සහභාගි වූහ.
ශ්‍රී ලාoකික දුවා දරුවන්ට දේශීය සoස්කෘතිය හා සම්ප්‍රදායන් පවරාදීමේ මූලික අරමුණින් මෙම බක්මහ අවුරුදු උළෙල මෙවරත් සoවිධානය කරන ලද අතර මෙම අවස්ථාවට කූමා නගරාධිපතිවරයා ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් විශ්වනාථ අපොන්සු යන මහත්වරුන් ද සහභාගී වූහ.


