තාත්තාගේ මන්ත්‍රී බලය අතට අරන් තරුණයෙකුට පහර දීමක් – පහර කෑමට ලක් වූ තරුණයා රෝහලේ .

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය නගරයේ තරුණයන් පිරිසක් එක්ව එක් තරුණයෙකුට දරුණු අන්දමින් පහර දීමක් සිදුකර ඇති අතර එම තරුණයා රෝහල්ගත කර මේ වන විටත් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ,

මෙලෙස පහරදීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ නුවරඑළිය පදිංචි නිලූෂ් ශෙරෝන් සමරජීව නම් (අවුරුදු 23ක) තරුණයකු බව නුවරඑළිය පොලිසිය අනාවරණය කරයි .

රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණයාගෙන් සිදුවීමේ පසුබිම සම්බන්ධව අප කළ විමසමකට ඔහු කියා සිටියේ පෞද්ගලික තරහක් පිරිමෙහිම සඳහා සැණකෙළියකට සහභාගි වී සිටින අවස්ථාවේ තමන්ට දුරකථන ඇමතුමක්  පැමිණි අවස්ථාවේ සැණකෙළි භූමියේ සිට පිටතට පැමිණීමේදී මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී චාන්දන මැදගම යන අයගේ පුතුන් දෙපළ වන අනුහස් මැදගම සහ තරුස මැදගම යන අය සහ ඔවුන්ගේ මැර පිරිසක් විසින් පහර දුන් බවයි ,

වැඩිදුරටත් ඔහු කියා සිටියේ කාලාන්තරයක් තිස්සේ පවතින පෞද්ගලික තරහක් මත නිතර නිතර  පහරදීම් හා තර්ජන සිදුවී මීට පෙරද පොලිසියට ගොස් ඇති මෙම ගැටලුව පියාගේ මන්ත්‍රී බලය අරගෙන මැර පිරිසක් යොදාගෙන පෞද්ගලික තරහ පිරිමැහීම සඳහා සිදුකළ මෙම පහර දීම පිළිබඳව පරීක්‍ෂණයක් සිදු කර සාධාරණයක් ඉටු කර දෙන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි .

මේ පිළිබඳව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස්් පරීක්ෂක පී.එස්.සී.සංජීව මහතාගෙන් අප සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ මීට පෙරද පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාවකදී මෙම පහරදීම සිදුකළා යැයිසන නාගරික මන්ත්‍රීවරයාගේ පුත්‍රයන් වන්ස් අදාළ තරුණයන් දෙදෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබන තරුණයාට පහරදීම් හා බැන තර්ජනය කිරීම් දිගින් දිගටම සිදුකර ඇති අතර පොලිසියෙන් දැඩි අවවාද ලබාදී ඇති පසුබිමක නැවත මෙවන් වූ පහරදීමක් සිදුකර ඇති බවයි ,

අදාළ සිදුවීම පිළිබඳව ඉදිරි නීතිමය කටයුතු හා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර පහර දීමට සම්බන්ධ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *