ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයදා මනුෂ්‍යත්වයේ රතු රේඛාව රැකගත් නිහඬ වීරයෝ අගයයි

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

ජාතියන්තර ලේ දන්දීමේ දිනය වෙනුවෙන් රුධිර පරිත්‍යාගශීලීන් ඇගයීමට සහ ඔවුන් දිරිමත් කිරීමට අද (14) දින BMICH හිදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

තව කෙකුගේ හුස්ම වෙනුවෙන්, මියැදෙන්නට යන මිනිසෙකුට ජීවත්වීමට අලුත් බලාපොරොත්තුවක් ඇති කෙරෙන උතුම් මානුශීය ගුණාංගයක් තවත් නැත. මේ උතුම් පින්කම උදෙසා සමාජය තවත් දිරිමත් කිරීමට කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ලේ බින්දුවක් දී ජීවිතය සුරකින සියලුම ලේ දායකයින් ඇගයීමට ලක් කරමින් සමහරු තිළිණ සහ සහතික පත්‍ර ප්‍රධානය කිරීමක්ද මෙහිදී සිදු කෙරිණි.

වර්ෂයක් පාසා ලේ දන්දීමේ මහා කඳවුරු පැවැත්වීමෙන් ද, ලේ බැංකුවෙන් ලේ ඉල්ලා සිටින ඕනෑම මොහොතක ලේ දන්දීමට පිරිස් සම්බන්ධ කිරීමෙන්ද දායක වුන සියලු දෙනා ඇග ඒමට ලක් කරමින් ජාතික රුධිර පාරවිලන සේවයේ අධ්‍යක්ෂක, ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍යය නියෝජ්‍ය අමාත්‍ය, සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත තුමන්, රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සහ ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය කිෂාන්ත අබේසේන ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

වීරත්වය යනු සටන් බිමේදී පමණක් නොව මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන නිහඬ කැපකිරීම් ද ඇගයීමට ලක් කළ යුතුය. පිදිය යුත්තන් පිදිය යුතුමය.

ඔබත් සුදුසුකම් ලත් ලේ දායකයකු නම් අදම ලගම ඇති රුධිර පාරවිලයනය වෙත ගොස් රුධිරය පරිත්‍යාග කර තවත් ජීවිතයක ගැලවුම්කරුවා වන්න.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *