කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට
www.bbcmirror.lk
www.Lankawebnews.lk
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුතු “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව, ඊයේ (25) රාත්‍රියේ ගුවන්තොටුපොළේදී සිදුකළ විශේෂ වැටලීමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ හා විවිධ රසකැවිලි අතර ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ කිලෝග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය සඟවා තිබූ බවයි. සෑම ගමන් මල්ලකම කිලෝග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සඟවා තිබූ බවද සඳහන් වේ.
මෙම පිරිසට අනුග්‍රහකයෙකු විසින් ලබාදුන් ගුවන් ටිකට්පත් භාවිත කරමින් පසුගිය 22 වැනිදා තායිලන්තය බලා ගොස් ඇති අතර, එහිදී ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවට ඔවුන්ගේ ජංගම දුරකථනවල සටහන් වී තිබූ ඡායාරූප හා වීඩියෝ මගින් හෙළිවී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම එකක් ලෙස සැලකෙන අතර, චීවරධාරින් පිරිසක් මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වේ.

