අද ප්‍රදේශ රැසකට තද වැසි අනතුරු ඇඟවීමක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
අද (04) පස්වරු 2.00න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලට අමතරව පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද තැනින් තැන වැසි අපේක්ෂා කෙරේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව සඳහන්ය.
බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේද වැසි තත්ත්වයක් පැවතිය හැකි අතර, උතුරු සහ උතුරුමැද පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයක තරමක තද සුළං ඇතිවිය හැකිය.
මීට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ.


