මධ්‍යම පළාත් සභාවේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය
www.bbcmirrormedia.org
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
www.Ceylonnewsmedia.com
www.bbcmirror.lk
සරත් සමරනායක
V8 ප්‍රාඩෝ වලට ලංසු තැබූ පිරිසගේ බලාපොරොත්තු සුන් වෙලා…….
[banner id=”21724″]
මධ්‍යම පළාත් සභාව සතු සුඛෝපභෝගී ජීප් රථ ඇතුලු වාහන වෙන්දේසියේ විකිණීම සදහා ලංසු කැඳවා මාස තුනකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් ප්‍රසිද්ධ කළ ලංසු පත්‍රිකාවට අනුව වාහන ලංසු තැබූ ඉල්ලුම් කරුවන්ට අදාළ වාහන නිදහස් කිරීම දිනෙන් දින ප්‍රමාද කරමින් සිටින බවට වාහන ඉල්ලුම්කරුවන් චෝදනා කරති.
පළමු ලංසු පත්‍රිකාව අනුව එම වාහන වෙන්දේසියේ විකිණීම වෙනුවට එම අධි සුඛෝපභෝගී රථ සදහා තක්සේරු කළ මිළ ගණන් ප්‍රමාණවත් නොමැති බව පවසා යළි ලංසු කැඳවීමේ උත්සාහයක් මේ වන විට මධ්‍යම පළාත් සභාව තුළ ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති අතර පසුගියදා ප්‍රශ්නගත මෙම වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් විගණන විමසුමක් ද පවත්වා ඇති බව වාර්තා වේ.
මෙසේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇත්තේ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර වරයාට හිටපු මහ ඇමැතිවරයාට හා පළාත් සභාවේ කැබිනට් ඇමති වරුන් සදහා ගෙන්වා තිබූ V8 හා ප්‍රාඩෝ වර්ගයේ අති සුඛෝපභෝගී රථ ඇතුලු තවත් වාහන කිහිපයක් වන අතර මේ වන විට වෙළඳ පොළේ එම අධි සුඛෝපභෝගී රථ සදහා ඇති ඉල්ලුමටත් ඉහළින් ඇතැම් ගැනුම්කරුවන් එම රථ වාහන වලට ලංසු තබා ඇති බව ප්‍රසිද්ධ රහසක් වන අතර එසේ ලංසු තැබූවන් අතර මාතලේ ප්‍රසිද්ධ දේශපාලඥයෙකු,වාහන වෙළඳාමේ නිරත ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු,පල්ලේකැලේ පළාත් සභාවේ සේවය කරන සංවර්ධන නිලධාරිනියක ඇතුලු 180 දෙනෙකු පමණ සිටින බව වාර්තා වේ.
මෙසේ වෙන්දේසියට ඉදිරිපත් කළ ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව නොදී එම ලැයිස්තුවෙන් එක් වාහනයක් ඉවත් කර ගැනීමේ තොරතුරක් ද හෙළි වු අතර එම වාහනය පලාත් සභාවේ ඉහළ දේශපාළන තනතුරක් දරන ලේකම්වරයෙකු සිය රාජකාරි කටයුතු සදහා වෙන් කර ගැනීමට දැරූ උත්සාහයක් ඒ පිළිබඳව තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් වීමෙන් පසුව ව්‍යවර්ථ වී එම රථය යළි පළාත් මාර්ග අමාත්‍යංශයේ රථගාල වෙත ගෙනවිත් දමා තිබුණි.
එවන් පසුබිමක් තුල ප්‍රසිද්ධියේ වෙන්දේසියට තැබූ වාහන සදහා මධ්‍යම පළාත් සභාව තක්සේරු කළ මිල ගණන් අනුව ගැනුම්කරුවන් විධිමත් පරිදි ඉදිරිපත් වී ලංසු තබා ඇති නමුත් සියළු ගනුදෙනු වල අවසන් කාලය ලෙස සදහන් කර ඇති මාස තුනක කාලය පාවා නිම වීමට ආසන්න වන තුරු වාහන විකුණා එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත ලැබීම ප්‍රමාද කිරීම පිටුපස යම් අක්‍රමිකතාවයක් ක්‍රියාත්මක වන බවට සැක මතු වන බව වාහන මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් මුදල් ආයෝජනය කළ පිරිස් චෝදනා කරති .
ප්‍රශ්නගත මෙම වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් පලාත් සභාවේ මතය දැනගැනීම සදහා අප අවස්ථා කිහිපයකදී මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇමතුවද ඔහු රැස්වීම් වල සිටින බව පවසා පිළිතුරු දීම මග හැරියේය.


