තෙල්දෙණි ඝාතනයේ සැකකාර පෙම්වතා හා බිරිඳ යාපනයේදී අත්අඩංගුවට ගනි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති මියගිය කාන්තාවගේ පෙම්වතා, ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, වැල්ලවත්තේ සිට චාවකච්චේරිය බලා බස් රථයකින් ගමන් කරමින් සිටියදී ලැබුණු තොරතුරක් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා වලාන දූෂණ මර්දන ඒකකය එක්ව අද (24) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වලාගෙන සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ අනෙක් දරුවන් දෙදෙනා බැලීමෙන් අනතුරුව පොලීසියට භාරවීමට සැලසුම් කර තිබූ බවයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *