O/L සහතික නිකුත් කිරීම Online පමණයි – නව ක්‍රමවේදය දැනුම් දීම
www.bbcmirror.lk
www.Lankawebnews.lk
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) 2025 (2026) විභාගයේ සහතික පත්‍ර නිකුත් කිරීම මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් කළ මෙම නිවේදනය අනුව, සහතික ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම අවශ්‍ය නොවන අතර එය සම්පූර්ණයෙන්ම නව ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක වේ.
අයදුම්කරුවන්ට තම O/L සහතික පත්‍ර ලබාගැනීම සඳහා පහත වෙබ් අඩවිය භාවිතා කර මාර්ගගතව අයදුම් කළ හැකි අතර, සහතික පත්‍ර තැපැල් මගින් නිවසටම ලබාදෙන බවද දැනුම් දී තිබේ:
https://certificate.doenets.lk/certificate


