සහකාර ලේකම්වරයෙකු ව්‍යාජ ගමන් බලපත්‍රයක් සැකසීමේ චෝදනාව මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත .

www.bbcmirror.lk

www.sfmnewslk.com

www.Lankawebnews.lk

S.Anil De Silva

මධ්‍යම අපරාධ විමර්ෂණ කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන කරන්දෙණියේ රාජු නම් අපරාධකරුට විදෙස්ගතවීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරදී ඇත්තේ මෙම සහකාර ලේකම් බවට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව් ඇත .

කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සහෝදරයා වන කරන්දෙණියේ රාජු පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට රැගෙන එනු ලැබීය. ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී වෙනත් පුද්ගලයෙකුගේ නමකින් විදෙස්ගමන් බලපත්‍රයක් සැකසීම සම්බන්ධයෙන්ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ 2023 වසරේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කළ පුද්ගලයෙකු අදාළ ගුවන් ගමන් බලපත්‍රය සකස්කර දී ඇති බවය .

ඔහු පිළිබඳව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එම පුද්ගලයා මේවන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවය.

ඒ අනුව 41 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ සැකකරු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරු අද (27) පෙරවරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *