වහාම ඉන්ධන මිල අඩු කරන්න’ – ට්‍රම්ප්ගෙන් එරට සමාගම්වලට අනතුරු ඇඟවීමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ වත්මන් මිල ගණන් අධික බැවින් ඒවා වහාම අඩු කළ යුතු බවයි.

පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ ලෙස අධික මිල ගණන් අය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව පෙන්වා දෙන ට්‍රම්ප්, මිල අඩු කිරීමට පියවර නොගතහොත් ඉදිරියේදී ඔවුන්ට “විශාල ගැටලුවලට” මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ඉන්ධන ගැලුමක් ඩොලර් 2.50 ක පමණ මිලක් ඉලක්ක කරගත යුතු බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා, කැලිෆෝනියා ප්‍රාන්තය ඉන්ධන සඳහා අය කරන අධික බදු නතර කළ යුතු බව ද අවධාරණය කරයි.

ඇමරිකානු මෝටර් රථ සංගමයේ දත්තවලට අනුව, සඳුදා වන විට ඇමරිකාව පුරා සාමාන්‍ය ඉන්ධන මිල ගැලුමකට ඩොලර් 3.86 ක් ලෙස පැවති අතර, කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල එය ඩොලර් 5.45 ක් සහ ඩොලර් 5.49 ක් වැනි ඉහළම අගයක පැවතුණි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *