26 වැනි යුද්ධ හමුදාධිපති ධුරයේ වැඩ භාර ගනී.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ,

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වීම් ලද ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඉකුත් 01 දා සිය ධූරයේ රාජකාරි නිල වශයෙන් භාර ගන්නා ලදී.

රාජකාරී භාර ගැනීමට පෙර නව යුද්ධ හමුදාධිපතිවරයා  බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාරයක් දක්වන ලදී. අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේදී නව යුද්ධ හමුදාධිපතිවරයා වෙත හමුදා සම්ප්‍රදානුකූලව කදවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර පසුව සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ඔහු සිය ධූරයේ රාජකාරි අරඹන ලදි.

මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි සිසුවකු වන ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා 1990 ජුලි මස 14 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට එක්ව දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ නිත්‍ය පාඨමාලා අංක 34 යටතේ මූලික යුද පුහුණුව අවසන් කිරීමෙන් පසු 1992 ජුනි මස 06 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අනුයුක්ත වන ලදි.

දශක තුනක් පුරා විහිදී ගිය කීර්තිමත් හමුදා දිවිය තුළ ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ අණ මාණ්ඩලික සහ උපදේශක තනතුරු රාශියක් හෙබවූ පරිනත වන අතර

යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමට පෙර හෙතෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර හෙබවීය.

දෙස් විදෙස් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි විවිධ පාඨමාලා රාශියක් හදාරා ඇති යුද්ධ හමුදාපතිවරයා

වින්ද්‍යා ප්‍රේමරත්න මහත්මිය සමඟ විවාහ වී සිටින අතර පුතණුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි.

යුද්ධ හමුදාපතිවරයා රාජකාරි බාර ගත් අවස්ථාවට අදාල ඡායාරූප පහතින් ඒවා ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *