බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනි රෝසමන්ඩ් පයික් සහ අග්‍රාමාත්‍යවරිය හමුවේ
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
තානාපතිවරියක ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සම්මානලාභී බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනී රෝසමන්ඩ් පයික් (Rosamund Pike) මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (අගෝස්තු 10) පැවැත්විණ.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.
ශ්‍රී ලංකාව පසුගිය වසර පුරා බිම්බෝම්බ සහ යුද්ධයෙන් ඉතිරි වූ පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරන අවස්ථාවක රෝසමන්ඩ් පයික්ගේ මෙම සංචාරය සිදුවීම විශේෂය.
රෝසමන්ඩ් පයික් ජනප්‍රිය රංගන ශිල්පිනියක පමණක් නොවෙයි, මයිනින් ඇඩ්වයිසරි ගෲප් (Mines Advisory Group – MAG) කණ්ඩායමේ ජාත්‍යන්තර තානාපතිනිය ලෙස ද කටයුතු කරයි.
රෝසමන්ඩ් පයික්, අග්‍රාමාත්‍යවරිය හමුවීමට පෙර උතුරේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ අවදානම් මෙහෙයුම්වල නියැලෙන සිංහල දෙමළ සියලු දෙනා හමුවී ඇය සුහදව කතාබහ කිරීමට ද කටයුතු කර තිබිණි.

