හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය හා රුපියල් ලක්ෂ 24 ක මුදල් සමග සැකකරුවෙකු සේදවත්තේ දී දැළේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉකුත්දා (02) වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත  ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 170 අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 ග්‍රෑම් 55 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගෙන ඇතැයි සැක කරනු ලබන මුදල් රුපියල් ලක්ෂ 13 ක්ද සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 38 ක් වන සේදවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර වැඩි දුර ප්‍රශ්න කිරීමේදී විදෙස්ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගෙන් මෙම මත්ද්‍රව්‍ය සැකකරු වෙත ලැබී ඇති බවට අනාවරණය වූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කෙරේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *