සූදු කෙළින්න මුහුදෙන් ගෙන ආ රුපියල් ලක්ෂ 100ක පරවි තොගයක් අල්ලයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

කල්පිටිය කොටුව ආසන්නයේ පිහිටි වරාය ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් භාරයේ තිබූ පරවියන් 200කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබිණි.

මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ගෙනවිත් ඇති මෙම පරවියන් මුදලට ඔට්ටු අල්ලන පරවි තරග සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ බවට පොලිසිය සැක කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එක් අයෙක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් තිදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *