නීති විරෝධී දුම්කොල හුවමාරුවට ආ ඉන්දීය 07 ක් සමග මෙරට ධීවරයන් අත්අඩංගුවට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

පුත්තලම උඩප්පුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඉකුත් 21 දා රාත්‍රී සිදුකළ ආවේක්ෂණ මෙහෙයුමකදී ඉන්දියාවේ සිට ඩව් යාත්‍රා 02 කින් නීති විරෝධී ආකාරයෙන් මෙරටට රැගෙන ආ දුම්කොළ තොගයක් ඩිංගි යාත්‍රා 02 ක පැමිණි ශ්‍රී ලාංකිකයන් සමඟින් හුවමාරු කිරීමේ දී එම යාත්‍රා 04 සමගින් සැකකරුවන්  11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.

උර 60 ක අසුරා තිබූ මෙම දුම්කොළ තොගය කිලෝ ග්‍රෑම් 2400 ක් වූ අතර ඉන්දීය ජාතික ධීවරයන් 07 දෙනෙකු හා මෙරට සැකකරුවන් 04 දෙනෙකු යාත්‍රා 04 ද සමගින් නීතිමය කටයුතු හා වැඩිදුර විමර්ශන සදහා කොළඹ රේගු නිවාරණ කාර්යාලය වෙත බාර දීමට නියමිතය.

අත්අඩංගුවට ගත් ඩව් හා ඩිංගි යාත්‍රා සහ සැකකරුවන් පහත ඡායාරූපයෙන් දැක්වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *