සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය, ලෝක සෞඛ්ය සංවිධානයේ සහය ඇතිව සංවිධාන කළ විශ්ව සෞඛ්ය සූදානම්වීමේ සමාලෝචනය (UHPR), දෙදින සමුළුව අද දින (22) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ ආරම්භ වූ අතර එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් එක් වීමි.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
විශ්ව සෞඛ්ය සූදානම්වීමේ සමාලෝචනය (UHPR) යනු මහජන සෞඛ්ය හදිසි අවස්ථා සහ අනෙකුත් අර්බුද සඳහා රටවල් සතු සූදානම ශක්තිමත් කිරීමට උපකාරී වන ස්වේච්ඡා ක්රියාවලියකි. එය සූදානම්වීමේ ප්රමුඛතා සමාලෝචනය කිරීමට, අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට සහ අනාගතයේදී ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කළ හැකි ක්රියාමාර්ග හඳුනා ගැනීමට ජාතික නායකයින්, ප්රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණික විශේෂඥයින්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් එක් කරන පොදු වේදිකාවකි. උගත් පාඩම් සහ නිර්දේශ ප්රායෝගික ක්රියාවන් බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කරන උසස් මට්ටමේ දූත මණ්ඩල (High-Level Mission) සාකච්ඡාවක් ලෙස මෙය ක්රියාත්මක වේ.
තායිලන්තයට පසුව UHPR ක්රියාවලියට දායක වූ කලාපයේ දෙවන රට ලෙස ශ්රී ලංකාවයි. රෝග ව්යාප්තිය, දේශගුණික විපර්යාසයන්ට සංවේදී අහිතකර සිදුවීම් සහ අනෙකුත් අර්බුද ඇතුළු අනාගත මහජන සෞඛ්ය හදිසි අවස්ථා සඳහා සූදානම ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්රී ලංකාව UHPR ක්රියාවලිය සිදු කරයි. මෙම ක්රියාවලිය මගින් ශ්රී ලංකාවට පෙර පැවති හදිසි අවස්ථාවලින් උගත් පාඩම් ආපසු හැරී බැලීමටත්, පවතින ශක්තීන් මත ගොඩනැගීමටත්, වැඩිදියුණු කිරීම් සහ ආයෝජන සඳහා ප්රමුඛතා ක්ෂේත්ර හඳුනා ගැනීමටත්, සෞඛ්ය සුරක්ෂිතතාව සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්රායෝගික ක්රියාමාර්ගවලට සහය වීමටත් අවස්ථාවක් සැලසේ.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා, ලෝක සෞඛ්ය සංවිධානයේ හදිසි සෞඛ්ය සූදානම්වීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෛද්ය ස්ටෙලා චුන්ගොන්ග් මහත්මිය ඇතුළු ලෝක සෞඛ්ය සංවිධානයේ නියෝජිතයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්රේ, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන, සෞඛ්ය අමාත්යාංශ අතිරේක ලේකම් (මහජන සෞඛ්ය සේවා) වෛද්ය එස්.එම්.ආනෝල්ඩ් යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විද්වතුන් විශාල පිරිසක් එක්වූහ.

