ධර්මය, රජය හා ආණ්ඩුව වෙන් වෙන්ව පවත්වාගත යුතුයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

ධර්මය, රජය හා ආණ්ඩුව වෙන් වෙන්ව පවත්වාගෙන යා යුතු බවත්, ඒවාට එකට ගමන් කළ නොහැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ආගම සහ රට සියල්ල පටලවාගත් රටවල් ලෝකයේ කිසිදු දිනක ඉදිරියට ගොස් නොමැති බවයි.

එසෙම ඇය සුප්‍රකට, බයිබලයේ සදහන් දෙවියන්ගේ දේ දෙවියන්ටත්, සීසර්ගේ දේ සීසර්ටත් යන පාඨය ගෙන හැර දක්වමින් මෙය තව දුරටත් පැහැදිළි කළාය.

එමෙන්ම, රට ගොඩනැගීමට නම් පවතින ගෝත්‍රික මනස ඉවත් කරගත යුතු බව පෙන්වා දුන් ඩයනා ගමගේ, ගෝත්‍රික ලෙස ජීවත්වීමට පුරුදු වුවහොත් රට කිසිදු දිනක සංවර්ධනය කළ නොහැකි බවද ප්‍රකාශ කළාය.

එම තත්ත්වයන් වෙනස් කර ගනිමින්, සියලු දෙනා එක්ව රට ගොඩනැගිය යුතු බවත්, සෑමදාම ජනතාවට දුක්විඳිය නොහැකි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *