කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව, නොවැම්බර් 03 වැනිදා විවාදයට නොගැනේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නොවැම්බර් මස 03 වැනිදා විවාදයට නොගන්නා බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ, අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර, ඔක්තෝබර් 28 වැනිදාට පෙර භාරදීමට කටයුතු නොකිරීම හේතුවෙනි.

ඒ අනුව එළැඹෙන 03 වැනි දිනය පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් සඳහා වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ස්ථාවර නියෝගවලට අනුව ලබා දෙන්නේ නම් එය අයවැය කාලයට පෙර විවාද කිරීමට හැකි බව පාර්ලිමේන්තු කාරක සභාවේදී දැනුම්දුන් බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *