දීපාවලි සමයට වටවල වෙළෙඳසැල් හදිසි පරීක්ෂාවක

***

30.10.2026

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

වීඩියො – https://we.tl/t-3Z1BnB3RsZNA6O6z

කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ වෙළෙඳුන් රැසකට නඩු

කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ වෙළෙඳුන් රැසකට නඩු

දීපාවලි උත්සව සමය නිමිත්තෙන් පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගිනිගත්හේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (30) වටවල නගරයේ විශේෂ හදිසි වැටලීමක් සිදු කරනු ලැබීය.

මෙහිදී නගරයේ ආපනශාලා, සිල්ලර වෙළෙඳසැල්, එළවළු හා මස් අලෙවිසැල් රැසක් පරීක්ෂාවට ලක් කෙරිණි.

එම පරීක්ෂාවේදී අලෙවිය සඳහා තබා තිබූ කල් ඉකුත් වූ ආහාරපාන තොගයක් සොයාගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වී ඇති අතර, ඒවා අලෙවි කළ වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය උපදෙස් නොතකමින් නොසැලකිලිමත් ලෙස හා අපිරිසිදු පරිසරයන්හි වෙළෙඳ කටයුතු පවත්වාගෙන ගිය ආපනශාලා සහ වෙළෙඳසැල් හිමියන්ට දැඩි ලෙස අවවාද කිරීමට ද මෙහිදී කටයුතු කර ඇත.

මහජන සෞඛ්‍යයට හානිදායක අයුරින් කටයුතු කළ වෙළෙඳුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගෙන තිබේ.

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com   

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-

http://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *